• Home
  • Portfolio
    • Filtered
      • Two Columns
      • Three Columns
      • Four Columns
    • Filtered and Cropped
      • Two Columns
      • Three Columns
      • Four Columns
    • Default
      • Two Columns
      • Three Columns
      • Four Columns
    • Default and Cropped
      • Two Columns
      • Three Columns
      • Four Columns
  • Features
    • Standard Blog Layout
    • Post with Comments
    • Page: Right Sidebar
  • Shortcodes
  • Archive
  • Contact

අනම් බනම් ලට්ට ලොට්ට මෙන්න

Newer Post
Older Post
Home

අයිස් වතුරෙන් නෑමේ අභියෝගය

Unknown 6:45 AM news

මේ දවස් වල සමාජ ජාල වෙබ් අඩවි වල සැරිසරන ඔබට ලෝකයේ තාක්ෂණික සමාගම් වල ප්‍රකට චරිත වතුර බාල්දියකින් නාගන්න විඩියෝපට දකින්න ලැබිලා ඇති. සමහරවිට ඔබට හිතෙන්න ඇති එම විඩියෝ ව්‍යාජ ඒවා හෝ සංස්කරණය කළ එ්වා කියලා. නැහැ. එම විඩියෝ පට සැබෑ විඩියෝ පට වෙනවා. මේ ලිපිය ඔස්සේ අපි ඔබව දැනුවත් කරන්නේ මොකද්ද මේ ඇදගෙන නාන විඩියෝ ටික කියලයි.
bill_gates_icebucket Microsoft නිර්මාතෘ Bill Gatesමෙම ව්‍යාපෘතිය නම් කොට ඇත්තේ Ice Bucket Challenge ලෙසයි. ඇමරිකාවේ චාලක න්‍යුරෝන ආබාධය (motor neurone disease) සහිත රෝගින් සදහා වන ALS association සංවිධානයෙහි අරමුදලට මුදල් එක්රැස් කිරිම හා ඒ ආශ්‍රිත රෝග පිළිබදව ජනතාව දැනුවත් කිරිම මෙම ව්‍යාපෘතියෙහි අරමුණයි.
ප්‍රකට චරිත සදහා මෙම ව්‍යාපෘතිය ඔස්සේ අභියෝගයක් ලැබෙන අතර එමගින් ඔහුට හෝ ඇයට අභියෝගය භාරගෙන අයිස් වතුරෙන් නෑම හෝ මෙම ව්‍යාපෘතිය සදහා මුදල් ලබාදිම සිදුකළ හැකියි. එමෙන්ම මෙහි නීති වලට අනුව මුලින්ම අභියෝගය භාරගෙන අයිස් වතුර බාල්දියකින් නාන පුද්ගලයා පැය 24 ක් තුළ තවත් පුද්ගලයෙකු නම් කළ යුතුවෙනවා. එලෙස පුද්ගලයෙකු නම් කිරීමට හෝ එම අයිස් වතුරෙන් නෑමේ අභියෝගය සම්පුර්ණ කර ගැනීමට නොහැකි නම් එම පුද්ගලයා විසින් මෙම අරමුදලට ඩොලර් 100 ක මුදලක් තැන්පත් කල යුතු බවයි වාර්තා වෙන්නේ. එමෙන්ම මෙම Ice Bucket Challenge එකේ අභියෝගය වන තමන් විසින්ම අයිස් වතුර බාල්දියකින් නාගෙන එය අන්තර්ජාලයට එක් කළ යුතු අතර පැය 24ක් තුල මිළග අභියෝග කරුවා නම් කළහොත් අදාල පුද්ගලයා මෙම අරමුදල සදහා ඩොලර් 10ක මුදලක් තැන්පත් කළ යුතුයි.
මේ වන විට ලොව සුප්‍රකට චරිත මෙම අභියෝගය එක් වි ඇති අතර තාක්ෂණික ලොවේ දැවැන්ත සමාගම් වල නිර්මාතෘ වරුන් හා විධායක නිළධාරින්ද මේ සදහා එක්විම විශේෂ කරුණක්. ඒ අනුව Facebook නිර්මාතෘ Mark Zuckerberg ද අයිස් වතුර බාල්දියකින් නාගත් අතර ඔහු විසින් අභියෝගය ලබාදි ඇත්තේ Microsoft හි හිමිකරුවන Bill Gates හටයි. ගේට්ස් මහතා මෙම අභියෝගය භාර ගෙන ඔහුද අයිස් වතුර බාල්දියක් හිස මත හලාගෙන තිබෙනවා.
මිට අමතරව තාක්ෂණික ලොවෙහි ප්‍රබල චරිත මෙම ව්‍යාපෘතියට එක්වෙමින් අයිස් වතුර හිස මත හලාගත් විඩියෝ ඔවුන් විසින්ම අන්තර්ජාලයට එක් කොට තිබෙනවා. එම විඩියෝ පහත ලින්ක් ඔස්සේ ඔබට නැරඹිය හැකියි.
Click Here to Watch the Videosමෙම ව්‍යාපෘතිය හිමි ALS association නමැති සංවිධානය පවසා ඇත්තේ, මෙම දැනුවත් කිරීම හරහා ඔවුන්ගේ අරමුදල අමෙරිකානු ඩොලර් මිලියන 3කින් ඉහළ ගොස් ඇති බව යි.
mark_icebucket
Facebook නිර්මාතෘ Mark Zuckerberglarry_sergey_bucket
Google සමාගමේ සම නිර්මාතෘ වරුන් වන Larry Page හා Sergey Brin



Show
  • Tweet It
  • Like It
  • Google+
  • Linkedin
  • Pin it
Unknown



0 comments:

Post a Comment

Follow:

Popular Posts

  • අලුත්ම අංක එකේ Bitdefender වයිරස් ගාඩ් එක
    අලුත්ම අංක එකේ Bitdefender වයිරස් ගාඩ් එක නොමිලේ. ඔන්න වයිරස් ගාඩ් වල ලෝකේ අංක එකේ වයිරස් ගාඩ් එක වනBit-defender වයිරස් ගාඩ් එක ඔයාලා ඔක්කොට...
  • ලෝකයේ අංක 1 එකේ Virus Gaurd එක.Bitdefender 2045 වෙනකන් තියාගමු.
  • BMI අගයට අනුව ඔබගේ උසට ගැලපෙන බර තිබේද
    Pasan's Softwares වා. එම BMI අගය අනුව උසට ගැලපෙන බර තිබේද යන්න සොයා ගත හැකි වෙනවා. ඉතින් මේ Software එක මගින් ඔබගේ BMI අග...
  • MAFIA 2 GAME එක
    MAFIA 2 මේකත් පට්ටම ස්ටොරි එකක් තියන ගේම් එකක්. ටිකක් පරන කාලේ කතාවක් තියෙන්නේ. ඇක්ෂන් එහෙමත් ගොඩක් හොදයි. ග්‍රැපික් ගොඩක් හොද මට්ටමක ත...
  • Android දුරකථන සදහා හොදම Virus Guard 5 ක් .
  • MOBILE PARTNER අලුත්ම VERSION එක (23.009.09.02.910)
    Mobile Partner කිව්වම ඉතින් කව්රුත් දන්නවනේ... මේක ඇවිල්ලා ඕනෙම Huawei ඩොන්ගල් එකකටම වැඩ. පරණ versions වලට වඩා අලුත් කෑලි බෑලි ටිකක් මේකේ අ...
  • internet download manager නිකන් ගන්න අලුත්ම එක 6.21v
  • Dongle එකේ Firmware Update කරමු.
  • CCleaner එකෙන් ඔයාලගේ PC එකේ Temporary files, history, cookies, Registry මකමු
  • මයික්‍රොසොෆ්ට් සමාගම නොමිලේ මෘදුකාංග පැකේජ ලබා දෙයි
Flag Counter

More

Labels

  • Android
  • face book
  • games
  • news
  • softweres
  • අනම් බනම් ලට්ට ලොට්ට

Tags

  • Android
  • face book
  • games
  • news
  • softweres
  • අනම් බනම් ලට්ට ලොට්ට

Copyright 2013 අනම් බනම් ලට්ට ලොට්ට මෙන්න

Created by Sora Templates