ෆෝන් වල තියෙන බැටරි පුපුරන්නෙ ඇයි?



උඹලගෙ ඔය ෆෝන් වල තියෙන ලිතියම් බැටරි පුපුරනව pacman emoticon බය වෙන්න එපා, රත් වුණොත් තමා පුපුරන්නෙ. ඒ ඇයි?
අපි ඊට කලින් මුල ඉඳන් බැටරි ගැන පොඩ්ඩක් ඉගෙනගමු.
(දිග කතාවක්, ඉගෙනගන්න ආස, මොළේ පිහිටලා තියෙන උන්ට පමණයි. මොළේ මැටි නම් කියවන්න එපා)
.
ලිතියම් අයන් බැටරි කියලා තමා ඕවට කියන්නෙ. යාන්තම් විද්‍යා විශයයක් අතගාපු සූ කොල්ලොත් දන්නව බැටරියට අග්‍ර දෙකක් තියෙනවා, එකක් ඇනෝඩය (ධන) අනික කැතෝඩය (සෘණ). අපි බලමු ලිතියම් අයන් බැටරි ඇතුළ කොහොමද, මොනාද තියෙන්නෙ කියලා.
.
ලිතියම් අයන් බැටරි වල ඇතුළේ ඇනෝඩය සහ කැතෝඩය වෙන් කරන්නේ සන්නායක තරලයකින් squint emoticon ඒ කිව්වේ කරන්ට් එක යන දියරයක් බං. (විච්ඡේද්‍ය) ඔය බැටරි අස්සේ තියෙනවා නිකල්, කොබෝල්ට් , මැංගනීස්, ඔක්සිජන් වගේ මූලද්‍රව්‍ය. හරිය?
.
අලුත් බැටරි වල (අලුතින් එන ඒවගෙ බං) බැටරියේ උෂ්ණත්වය මනින අනන් මනන් සර්කිට් පවා ඔය බැටරියෙ තියෙනවා. ඒවා වැඩක් නෑ මෙතනට.
.
කොහොමද ලිතියම් අයන් බැටරි චාජ් වෙන්නෙ?
.
ඕක චාජ් වෙද්දි වෙන්නෙ, විද්‍යුතය විසින් කැතෝඩයෙන් ග්‍රැෆයිට් ස්ථර වලින් හදපු ඇනෝඩයට ලිතියම් අයන් අණු යවන එක. ඒ යවන්නෙ
අයන් මිශ්‍ර විද්‍යුත් විච්ඡේද්‍ය දියරය හරහා. විද්‍යුත් විච්ඡේද්‍ය කියන්නේ ඇනෝඩයයි කැතෝඩයයි ඔබන දියරයට කියලා ටිකක් මතක ඇති. (ඕ ලෙවල් සයන්ස් ඈ. මතකයි නම් හොඳයි මතක නෑ නම් ඒත් හොඳයි colonthree emoticon )
.
බැටරිය බහිද්දි වෙන්නෙ අර ඇනෝඩයට ගිය ලිතියම් අයන් අණු ටික ආපහු කැතෝඩයට යන එක. තේරුන්නෑ නෙ? colonthree emoticon හා කමක් නෑ. squint emoticon
.
දැන් පේනවනෙ මේක චක්‍රීය ක්‍රියාවලියක්. චාජ් වෙද්දි ලිතියම් අයන් අණු ටික ඇනෝඩයට යනව, බහිද්දි ආපහු කැතෝඩයට යනව. ඔහොම චක්‍ර සීමිත ගාණක් තියෙනවා. ඒ ගාණ පැන්නම ඒ බැටරිය අල්ලලා විසි කරන්න වෙනව squint emoticon
.
බැටරියක් බාගෙට චාජ් වුණාම ගලවලා විසි කරන්න හදන්න එපා. ෆුල් චාජ් වෙන්න දෙන්න. මොකද නැත්නම් ඔයාගෙ බැටරියේ ආයු කාලය අඩු වෙනවා. බාගෙට චාජ් කරත් ඒක එක චක්‍රයක් විදිහට තමයි ගොඩක් බැටරි වලට යන්නෙ.
.
ඇයි බැටරි ඉදිමෙන්නෙ?
.
දැකලා ඇති නෙ? බබා හම්බෙන්න වගේ බඩ ආව බැටරි. බඩ එද්දි අපි දන්නව බැටරියට බබා හම්බෙන්න වැඩි කල් නෑ කියලා නේ? pacman emoticon බලමුකො ඇයි මේ බබා හම්බෙන්න වගේ බඩ එන්නෙ කියලා.
.
බැටරි ඉදිමෙන්නෙ, ඇතුළත එතේන්, හයිඩ්‍රජන් හා ඔක්සිජන් වගේ වායු පිරීම නිසා මේ සේරම වහා ගිණිගන්නා සුළු වායු. සුටුස් ගාලා පත්තු වෙනව ඔව් colonthree emoticon මේ වායු හැදෙන්නේ විද්‍යුත් විච්ඡේද්‍ය ඔක්සිකරණයට ලක්වීම නිසා. (අනේ මය අම්මලා ඔක්සිකරණය බලාගනිල්ලා පොත් අරන් squint emoticon ) මේ ඔක්සිකරණය වෙන්න හේතු තමා
.
*) Overcharging - ෆුල් චාජ් වුණාම ගලවන්න ඕන. අලුත් බැටරි වල ස්වයංක්‍රීයව මේක වැඩ. ගලවන්න අවශ්‍ය නෑ. ඒත් ගෙම්බා චාජර් (දන්නවනෙ?) වල ඕෆ් වෙන අයිටම් නෑ. ඒ නිසා ඔවර්චාජ් වෙලා බබා හම්බෙන්න ලන් වෙනවා
.
*) Faulty Batteries - ෆෝන් එකට ගැලපෙන්නේ නැති බැටරි පාවිච්චි කිරීම. අනිවා බබා තමා
.
*) Faulty Chargers - බැටරියට ගැලපෙන්නෙ නැති චාජර් වලින් චාජ් කරාමත් බබා හම්බෙන්න ලන් වෙනව
.
දැන් මය පුතාලට පේනවා ඉදිමුණ බැටරි අස්සේ තියෙන්නෙ ගිණි ඇවිලෙන සුළු වායු. බබා හම්බෙන්න ළග බැටරි පාවිච්චි කරන්න කලින් අන්තිම කැමැත්ත එහෙම ලියලා ලෝයර් ට ගිහින් දෙන්ට ඈ?
.
ඇයි බැටරි පුපුරන්නෙ?
.
බැටරි පුපුරන්න හේතු තමා අභ්‍යන්තර පරිපථ කොටස් ෂෝට් වීම (ලුහුවත් වීම) එතනදි වෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් වැරදියට වෙන එක. බොහොම සීඝ්‍රයෙන් අර මම කලින් කිව්ව ගිණිගන්නා සුළු වායු බැටරිය ඇතුළේ පිරිලා පුපුරලා යන්න පුළුවන්.
.
ඇත්තටම මේ වගේ ෂෝට් වීමකට මුල බොහෝ විට රත් වීම තමා. එහෙමත් නැතිනම් වැරදි ලෙස ස්ථාපිත බැටරියක් පුපුරලා යන්න පුළුවන්. අනන් මනන් ගහන්න එපා ඔය බැටරි පින් අස්සේ ඈ. පුපුරලා යයි මං හෙම දන්නෑ squint emoticon
.
ඇයි එතකොට මේ කට්ටිය කියන්නේ චාජර් එක ගහන් කෝල් ගන්න එපා කියලා?
.
ඒකට හේතුව හරි පැහැදිලියි. කෝල් එකක් ගද්දි වෙන විද්‍යුත් චුම්බක තරංග සම්ප්‍රේෂණයට ලොකු විදුලියක් බැටරියෙන් ඇදලා ගන්නව. එතකොට බැටරිය යම්තාක් දුරට රත් වෙනව, චාජ් වෙද්දිත් බැටරිය රත් වෙනව. එතකොට චාජ් වෙද්දි වෙන රත් වීමයි, කෝල් එක නිසා වෙන රත් වීමයි රත් වීම් දෙකයි, බුම් තමා squint emoticon අනික කෝල් ගද්දි අපි ෆෝන් එක තියන්නේ කණ ගාව නෙ. ඒ කියන්නේ ඔළුව colonthree emoticon මනුස්සයෙක්ගෙ වටිනාම අවයවය තියෙන තැන. අන්න ඒකයි කියන්නේ චාජර් එකට ගහන් කෝල් ගන්න එපා කියලා.
චාජර් එකට ගහන් කොච්චර මල් කැඩුවත් කමක් නෑ බැටරිය රත් වෙන්නෙ නැත්නම්. (චාජර් එක ගහන් වැඩ කරාට කමක් නෑ කියලා මේ කියන්නෙ, හැබැයි කෝල් ගද්දි නම් පුතා අනිවා රත් වෙනව. පුපුරලා ගියොත් ඊළග ආත්මෙට ටිකට් හම්බෙයි)
.
දැන් ඔයාලට තේරෙනව ඇති ඉදිමපු බැටරියක් පුපුරා යාමේ ඉඩකඩ වැඩි. මොකද ඉදිමලා කියන්නේ ඒ වෙද්දිත් අර වායු පිරිලා තියෙන්නෙ. තව ටිකක් පිරුණ ගමන් පිපිරීම ඇති වෙන්න පුළුවන්. දැන් ඇති... හම්මේ... මහන්සි මහන්සි යකෝ ලොකු ලෙක්චර් එකක්...
.
මේක ලියන්න හිතුවෙ ගොඩක් අය කියන විකාර කතා නිසා. ඇත්තටම ලිතියම් අයන් බැටරි ගැන එක එක මිථ්‍යා අදහස් තියෙනවා ඒවා අමූලික බොරු. මිථ්‍යාවෙන් මිදිලා විද්‍යාවට අරගෙන උඹලගෙ ඔළු ගෙඩි ටික බැටරි වලින් බේරගන්නයි ලිව්වෙ. මේවා ලිව්වට සල්ලි හම්බෙන්නෑ නෙ නේද? ඒ නිසා කමෙන්ට් එකක් වත් දාපල්ලා. එහෙනම්.. ආයෙ හම්බෙමු.

0 comments:

Post a Comment